මූලික තොරතුරු

ආයතනය පිළිබඳ මූලික තොරතුරු

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුවේ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ, 1987 අංක 42 දරණ පළාත් සභා පනතේ විධිවිධාන අනුව, පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව ස්ථාපිත කර ඇත.

1987 අංක 42, 1989 අංක 12 දරණ පළාත් සභා අනුශාංගික විධිවිධාන පනත හා 1990 අංක 28 දරණ පළාත් සභා සංශෝධිත පනත අනුව, ගරු ආණ්ඩුකාරතුමා සතු පළාත් රාජ්‍ය සේවයේ නිලධරයන් පත් කිරීම, මාරු කිරීම, සේවයෙන් පහ කිරීම සහ ඔවුන්ගේ විනය පාලනය සම්බන්ධ කටයුතු සිදු කිරීමේ බලතල පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත පැවරේ.

උතුරු මැද පළාත් සභාව ස්ථාපනය කරන ලද දින සිට උතුරු මැද පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව ක්‍රියාත්මක වන අතර පළාත් සභා පනතේ හා සංශෝධිත වගන්ති අනුව සහ ගරු ආණ්ඩුකාරතුමා විසින් පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත පවරා ඇති බලතල අනුව කටයුතු කරනු ලබයි.